News Line| Off Air
Generic placeholder image

Nov
17

සියලු දෙනාට හෘදයාංගම ස්තූතියි – බැසිල්

585 Views


සියලු දෙනාට හෘදයාංගම ස්තූතියි – බැසිල්

විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විදදරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කෙරෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද(17) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඡන්දය දුන් නොදුන් සියලු  දෙනාට බියෙන් සැකෙන් තොරව එකලෙස ජිවත්වීමට සුදුසු ආරක්ෂීත සංවර්ධිත රටක් ගොඩනැගීමට නව ජනාධිපති ධූරයට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සදහා සියලු දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතුව ඇති බවත් ඒ මහතා කීවේය.

අපි බලාපොරොත්තු වු පරිදි පැවැති ජනාධිපතිවරණයෙන් විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. ඒ ලැබු ජයග්‍රහණයේ සතුට සාමයෙන් සමගියෙන් භුක්තිවිදින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කාලය තුළ ඉතා අදුරු යුගයකට ගෙනගොස් තිබූ මේ රට එක්කෙනෙකුට දෙන්නෙකුට ගොඩනැගිය නොහැකි බවත් ඒ සදහා සියලු දෙනා එකාවන්ව වැඩකර රට දියුණු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post