අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා.
නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී මෙය පැවත්වූ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.