News Line| Off Air
Generic placeholder image

Nov
18

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

1296 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.

මාළිගාවත්ත, මාළිගාකන්ද, පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තප්පලම්, ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

ඒ අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

එමෙන්ම කොළඹ 03, 07, 08, 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්වයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

මේ අතර, මෙම අළුත්වැඩියාව හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර, අංගොඩ හන්දිය අසලින් තාවකාලිකව වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post