News Line| Off Air
Generic placeholder image

Nov
18

ජනපති ගෝඨාභයට ජපාන අගමැතිගෙන් සුභ පැතුම්

1893 Views


ජනපති ගෝඨාභයට ජපාන අගමැතිගෙන් සුභ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පළ කර තිබෙනවා.

නව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා – ජපාන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපාන තානාපති කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ආර්ථික සංවර්ධනය සහ වෙනත් කටයුතු උදෙසා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් වෙනුවෙන් තවදුරටත් සහයෝගය ලබාදෙන බවද ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post