News Line| Off Air
Generic placeholder image

Nov
19

කථානායකගෙන් නිවේදනයක්

575 Views


කථානායකගෙන් නිවේදනයක්

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බව පැවසේ.

1.ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.

2.මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.

3.අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිවරයාට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.

සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද ඉහත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post