ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබෙනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවා.
ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් සදහන් කළා .