ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා. ඒ අනුව දෙරටේම ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි එම සබඳතා පවත්වාගෙන යාමට අපේකෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. චීන ජනාධිපතිවරයා තමාගේ මෙන්ම තම රටේ ජනතාවගේ හෘදයාංගම සුබපැතුම් නව ජනාධිපතිවරයාට එක්කරන බවයි සුබ පැතුම් පණිවිඩයේ සදහන් ඇත්තේ.