දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මි.මී. 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම
දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.