ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සිය පාක්ෂිකයින් හමුවීමට තීරණය කර තිබෙනවා.
ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම සදහා සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමග මෙහිදී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.
මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුනත් පසුව එය කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කෙරුණා.