ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්දව රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් අවභාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර කර තිබෙනවා.
පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ඇපකරුවන් සියලුදෙනා නඩුවේ ඇපකාරීත්වයෙන් මුදාහරින ලෙසට ද නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන් අධිකරණය හමුවේ තැන්පත් කර තිබූ ඇප මුදල් මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයද මුදා හරින ලෙසට වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.