නේපාලයේ කත්මණ්ඩු නුවර ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.
ඔවුන්ට පහසුකම් සැළසීම සඳහා නිලධාරීන් 188 දෙනෙකුද කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව දකුණු ආසියානු ක්‍රිඩා උළෙල සඳහා 753 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් ඇතුලු පහසුකම් සැලැස්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු සම්පාදනය කර තිබෙනවා.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 25 වනදා දිවයිනෙන් පිටත් වනු ඇති.