හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත හිටපු මැතිඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම්දෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළා.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට දොළුව ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.