කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03ක වර්ධනයක් වාර්තා වුණා.
ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණා.
එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළා.
වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම පිරිවැටුම වූ රුපියල් බිලියන 2යි දශම 4 ක ප්‍රමාණය මෙම සතිය ආරම්භයේ සිදුවූ බවද විජේසුන්දර මහතා පැවසුවා.
මෙම සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් විදුලිබල හා බලශක්ති අංශයේ සියයට 6යි දශම 3 ක්, දල නිෂ්පාදන අංශයෙන් සියයට 6යි දශම 1 ක්, දල ආයෝජන අංශයෙන් සියයට 4යි දශම 5 ක්, දල ආහාර හා දුම්කොළ සියයට 3යි දශම 1 ක්, දල සේවා අංශයෙන් සියයට 3 ක් ද වර්ධනය වූ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.