News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

මොරටුවේ ටිනර් අලෙවි සැලේ ගින්න මැඩපවත්වයි

587 Views


මොරටුවේ ටිනර් අලෙවි සැලේ ගින්න මැඩපවත්වයි

මොරටුව කටුබැද්දේ මහල් 4 කින් යුත් රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක අද අලුයම හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සදහා අමතර නිලධාරීන් කැඳවීමටද සිදුවු බව මොරටුව නගර සභාවේ ගිණි නිවීම් ඒකකය සඳහන් කළා.

අද අලුයම සිට ගින්න මැඩපැවැත්වීමට ගිණි නිවීමේ රථ 15 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා.

දෙහිවල / කොළඹ / මොරටුව ගිනි නිවීම් ඒකක මෙන්ම රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගිණි නිවීමේ ඒකක ඒ සඳහා කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න හටගෙන ඇත්තේ ටිනර් ආශ්‍රිත නිශ්පාදන අලෙවිසැලක වීම හේතුවෙන් එය මැඩපැවැත්වීම දුෂ්කර වූ බවයි මොරටුව නගර සභාවේ ගිණි නිවීම් ඒකකය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post