News Line| Off Air
Generic placeholder image

Nov
22

දුම්රිය කිහිපයක ධාවනය වන වේලාවන් වෙනස් වෙයි

608 Views


දුම්රිය කිහිපයක ධාවනය වන වේලාවන් වෙනස් වෙයි

දුම්රිය කිහිපයක් ධාවනය කරන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් දරුවන්ගේ පහසුව සඳහා එම පියවර ගත් බවයි.

ඒ අනුව, පස්වරු 1.40ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය කරන දුම්රිය පස්වරු 1.25 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ඇති අතර එමෙන්ම පස්වරු 1.45 ට කොටුව සිට පොල්ගහවෙල දක්වා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පස්වරු 1.55 ට කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මින් ඉදිරියට සෑම දුම්රිය ස්ථානයකම නතර කිරීමට ද දුම්රියේ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති. මේ අතර ලබන 25 වනදා සිට මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ


News Articles
Latest Videos
Most Popular Post