News Line| Off Air
Generic placeholder image

Nov
22

ප්‍රංශ නඩුවක ජයග්‍රහණය තාරාවන්ට

650 Views


ප්‍රංශ නඩුවක ජයග්‍රහණය තාරාවන්ට

ප්‍රංශයේ අධිකරණයක් මගින් අපූරු නඩු තීන්දුවක් ලබාදී තිබෙනවා.

අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිව ඇත්ත් තාරාවන් පිරිසකටයි.

ප්‍රංශයේ කුඩා නගරයක් වන ඩැක්ස් හි පිහිටි එක් ගොවිපොලක ශබ්දය තමන්ට මහත් හිසරදයක් බවට පවසමින් අසල්වැසියන් අධිකරණය වෙත යොමුව තිබෙනවා.

එහිදී තාරාවුන් හඩ නැගීම වහා නවත්වා දමන ලෙස පැමිණිලි පාර්ශ්ව අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

නගරයේ සිට ගම්බද ප්‍රදේශය වෙත පැමිණි පිරිසක් මෙසේ තාරාවුන්ට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇති බව ප්‍රංශ පුවත් වාර්තා කරනවා.

එහිදී අදාළ පාර්ශ්ව අධිකරණය ඉදිරියේ පෙන්වා දී තිබු‍ණේ එම ගොවිපලේ ඇති කරන තාරාවුන් හා පාත්තයන් නගන හඩ හේතුවෙන් තමන්ට සුවසේ නිදාගැනීමට පවා නොහැකි බවයි.

කෙසේ නමුත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය අවධාරණය කර තිබු‍ණේ මෙම ගම්බඳ ප්‍රංශයේ සාමාන්‍ය වටපිටාව වන බැවින් තාරාවුන්ට ඉදිරියටත් නිදහසේ හඬ නැගීමට අවසර ලබාදිය යුතු බවයි.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් තාරාවුන්ගේ හිමිකාරිය පෙන්වාදෙන්නේ එම තීන්දුව තමන්ගේ දැඩි සතුටට හේතුවන බවයි.

ශබ්දය යනු ජීවිතය බවත්, මේ සතුන්ගේ හඬ නොමැතිව ගම්බද ජීවිතය ඉතාමත් අසීරු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

අධිකරණය නිසි තීන්දුව ලබාදීම හේතුවෙන් සතුන්ට තවදුරටත් ජීවිතය හිමිව ඇති බවත් හිමිකාරිය සිනාමුසු මුහුණින් සදහන් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post