News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු රාජකාරි අරඹයි

603 Views


දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු රාජකාරි අරඹයි

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ වනවිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.එම්.චන්ද්‍රසේන, මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද අමරවීර යන මහත්වරුන්ද අද එම අමාත්‍යාංශවලදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

එසේම, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් පවිත්‍රා වන්නිආරච්චි ද එම ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහා මාර්ග අමාත්‍යාංශයේ අද පස්වරුවේ වැඩ භාර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post