ඉන්දියාවේ දිල්ලි නගරය තුලට වායු දුෂණය වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී තිබෙනවා.
ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකි අතර විනාඩි 15ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04 ක පමණ මුදලක් ගෙවිය යුතු බව සදහන්.
බොහෝ විශේෂඥයින් පවසා සිටියේ ඔක්සිජන් වායුව සැපයීම වායු දුෂණයට පිලියමක් නොවන බවයි.