News Line| Off Air
Generic placeholder image

Nov
22

දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති සහ අගමැති අවසන් ගෞරව දක්වයි

782 Views


දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති සහ අගමැති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්නගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා.

ඒ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 1 ට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන ආ අවස්ථාවේදීයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තැබුණු අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දේහයට අවසන් ගෞරව දැක්වුවා.

එමෙන්ම කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

රාජ්‍ය ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය යළි ඔහුගේ නිවසට රැගෙන ගිය අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට ගම්පොල – දොලූව – හාලියද් ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post