ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අගමැති ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.