බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය සමයේ සිදුවූ ඝාතන සහ කප්පම් සිද්ධීන් කිහිපයකට අදාළ නඩු කිහිපයක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.