News Line| Off Air
Generic placeholder image

Nov
25

සුපිරි නළු ධනුෂ්ගේ සහ රාජිණිකාන්ත්ගේ චිත්‍රපට 2ක් පොංගල්දා තිරයට

804 Views


සුපිරි නළු ධනුෂ්ගේ සහ රාජිණිකාන්ත්ගේ චිත්‍රපට 2ක් පොංගල්දා තිරයට

දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය 2020 ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.

ඒ අතර ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද ලබන වසරේ ජනවාරි 15 වැනිදා දිනම තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මෙම චිත්‍රපට දෙකම ‘පොංගල්’ දිනය නිමිත්තෙන් එකම දින ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙය ධනුෂ්ට මෙන්ම රාජිණිකාන්ත්ටද පාඩුවක් බව විචාරකයන් පවසනවා.

නමුත් මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනිමින් අති සාර්ථකව තිරගත වෙන බව තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව ධනුෂ් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post