News Line| Off Air
Generic placeholder image

Nov
25

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, පැවැත්වීම තහනම්

733 Views


හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, පැවැත්වීම තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනව.

යම් තැනැත්තෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝගය නොසළකා හරින්නේ නම් එය වරදක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post