News Line| Off Air
Generic placeholder image

Nov
25

හම්බන්තොට වරාය 99 වසරක් චීනයට බදු දීම පසුගිය රජය කළ වැරැද්දක් බව ජනපති කියයි

702 Views


හම්බන්තොට වරාය 99 වසරක් චීනයට බදු දීම පසුගිය රජය කළ වැරැද්දක් බව ජනපති කියයි

ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම නැවත ඇගයීමකට ලක්කළ යුතු බවද එහි පාලනය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීම සඳහා චීනය සමඟ ඒ පිළිබදව සාකච්ඡා කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post