පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම සිදුකරන වේලාවන් සංශෝධනය කරන බව කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා.
පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම තවදුරටත් විධිමත් කිරීම සදහා මෙම පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා.
ඒ අනුව නිවෙස්වලින් කසල එකතු කිරීමේ කටයුතු පෙරවරු 6.30ට ආරම්භ කෙරෙන අතර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අලුයම 5.30ට ආරම්භ වනු ඇති.
එමෙන්ම කොළඹ නගරයේ කැළිකසල එකතු කිරීම තවදුරටත් සිදු කෙරෙන්නේ වර්ගීකරණයට යටත්ව බව ද කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර ප්‍රකාශ කළා.
ඒ අනුව දිරන හා නොදිරන ආදී වශයෙන් වෙන් කරන ලද කැළිකසල එකතු කිරීම සතියේ වෙන් වෙන් දිනවලදී සිදු කෙරෙන බවද කොළඹ නාගරික කොමසාරිස්වරයා කියා සිටියා.