උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට යාපනය සරසවි සිසුන් සුදානම් වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් විශ්ව විද්යාල පාලක සභාව පවසන්නේ කිසිදු ආකාරයකට මහා විරු සැමරුමක් සිදු නොකරන ලෙසට ඊයේ දිනයේ යාපනය සරසවි සිසුන්ට දැනුම් දුන් බවයි.



සෑම වසරකම මෙලෙස මහවිරු සැමරුම් සිදු කරන බව පැවසෙන අතර සංකර් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා මෙම විරු සැමරුම ආරම්භ කර තිබෙනවා.