News Line| Off Air
Generic placeholder image

Nov
27

ඕමානයේදී හිරිහැර වලට ලක්වූ ගෘහ සේවිකාවන් 42 ක් දිවයිනට

738 Views


ඕමානයේදී හිරිහැර වලට ලක්වූ ගෘහ සේවිකාවන් 42 ක් දිවයිනට

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සේව‍යට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වනවා.

මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර ඔවුන් ඕමානයේ ”සබායා ගිලිස්” සහ ”අබු අලීෆා” යන රැඳවුම් මධ්‍යස්ථාන වල රදවා සිට ඇති බව සදහන්.

එම රැඳවුම් මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව අප්‍රිකානු ජාතික කාන්තාවන්ද විශාල පිරිසක්සිටිය බැව මෙම කාන්තාවන් පැවසුවා.

ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් මෙම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post