පසුගියදා ඇල්බේනියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ටිරානා අගනුවර සමීපයට බලපෑ භූකම්පනයත් සමගින් එහි ගොඩනැගිලි රැසක් හානියට පත්ව ඇති බව සදහන්.
ඇල්බේනියාවට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් එහි අගනුවර ඇතුලු තවත් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විපතින් අවතැන් වූ පිරිස් මේ වනවිට යුද හමුදාවට අයත් පාපන්දු ක්‍රීඩාංගණයක තාවකාලික කූඩාරම්වල රදවා ඇති බව සදහන්.
මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් අනතුරුව ඇල්බේනියාව වෙත තවත් පසුකම්පන සියයකට වැඩි ප්‍රමාණයක බලපෑම් එල්ල වී තිබෙනවා.
යුරෝපයේ දුර්වලම ආර්ථිකය සහිත බෝල්කන් රාජ්‍යය ලෙසින් සැලකෙන ඇල්බේනියාව මෙම විපතින් දැඩි සේ පීඩාවට පත්ව ඇති බවයි විශෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.