ගමනක් බිමනක් යන්න අපට වාහනයක් නැතුවම බැරි කාලයක් තමයි මේක. සමහරුන්ට නම් හන්දියේ කඩේට යන්නත් වාහනයක් ඕනනේ. එත් වාහන පදින්න අපට වලංගු රියදුරු බලපත්‍රයක්, එහෙමත් නැත්තං ලයිසන් එකක් ඕන. ලංකාවේ අපට නම් මේ ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නෙ වයස අවුරුදු 18 සම්පූර්ණ උනාම තමයි. දන්න කියන ඔක්කොම ශිල්ප ටික විභාග පරීක්ෂකවරයාට පෙන්නලා හෙන කට්ටක් කාල තමයි ඉතිං අපි ලයිසන් ගන්නෙ.
එහෙම අමාරුවෙන් වාහන පදින්න ලයිසන් ගත්තට ගොඩාක් අයට මේ ලයිසන් එක ගන්න පිලිපැදපු නීති රීති කාලයක් යද්දි අමතක වෙනවා. මේ අමතක අයට ඊට පස්සෙ වෙන්නෙ දඩ කන්න තමයි. දඩ කෑවට සමහරු ඒ ගෙවන දඩය හරිද කියලවත් දන්නෙ නෑ. පොලීසියෙන් ගහපු දඩේ ගෙවල තමන්ගෙ ලයිසන් එක ඉක්මනටම ගන්න තමයි හැමෝම බලන්නෙ.
කොහොම වුනත් ඊයේ ඉඳලා රථ වාහන වලට ගහන දඩේ සැර වැඩි කරන්න රජය තීරණය කලා. ඒ රථවාහන දඩ වර්ග 05 ක් සම්බන්ධයෙන් ගෙවන්න ඕන ගාන රුපියල් 25,000/- දක්වා වැඩි කරලා. මොනවද මේ වැඩි කරපු දඩ වර්ග 05 කියල බලන්න.