News Line| Off Air
Generic placeholder image

Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මැතිව්ස් සහ චන්දිමාල් ඇතුලත් කරයි

1260 Views


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මැතිව්ස් සහ චන්දිමාල් ඇතුලත් කරයි

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට
ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රිඩකයින් ඇතුලත් කර තිබෙනවා.

දෙසැම්බර් 11 වනදා පාකිස්තානයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට සමගාමීව මෙම සංචිතය නම් කෙරුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි.

2009 වසරේ මාර්තු මාසයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වනවා.


News Articles
Latest Videos
Most Popular Post