තමාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසය වන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.
මුම්බාහි පැවැති උත්සවයකදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍ර සිං දෝනි මෙම අදහස් පල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි පසුගි ජුනි මාසයේ පැවැතිලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත්කරනු ලැබුවා. තමන්ව යලි කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශකළ නොහැකි බවයි මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කර ඇත්තේ.