News Line| Off Air
Generic placeholder image

Nov
28

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමට අදාළ 14 දෙනා තවදුරටත් රිමාන්ඩ්

825 Views


මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමට අදාළ 14 දෙනා තවදුරටත් රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ලබන මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ක‌ළා. පසුගිය ජනවාරි මස දෙවනදා හෝ ඊට ආසන්න දිනක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් 14 දෙනා අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් තිදෙනෙකු ද ඒ අතර ‌වෙයි.


News Articles
Latest Videos
Most Popular Post