ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත් වුණා.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් – 195 දරණ යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බව සදහන්.