ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා.
වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ඇය විසින් බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බව සදහන්.
සැකකාරිය ගම්පහ කම්කරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.12.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.