News Line| Off Air
Generic placeholder image

Nov
28

ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

429 Views


ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

හදිසි අවස්ථාවකදී පැලඳිය හැකි හිස් වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී තිබෙනවා.

ඒ භූකම්පන වලින් ආරක්ෂාවීමේ එක් පියවරක් ලෙසයි.

ජපානය නිරන්තරයෙන් භූමිකම්පාවලට මුහුණ දෙන රටක් වන අතර භූකම්පන වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ඔවුන් විවිධ අත්හදාබැලීම් සිදුකරනවා.

පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී ඇතිවිය හැකි භූකම්පනයකට මුහුණදීම සම්බන්ධයෙන් පසුගිය දිනක මන්ත්‍රීවරුන් දැනුවත් කර අති අතර එහිදී නැවිය හැකි හිස්වැසුමක්ද මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබුණේ භූකම්නයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමේ එක් පියවරක් ලෙසයි.

හදිසි අවස්ථාවකදී හිස් වැසුම පැළඳ නිසොල්මන්ව සිටින ලෙසටත් මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2011 වර්ෂයේදී එරට සිදුවූ අති ප්‍රබල භූකම්පනයකින් හා සුනාමියකින් දහඅට දහසකට වැඩි පිරිසකට දිවි අහිමි වුණා.

ඉන් රටේ දේපළවලට සිදුවූ හානියද අතිමහත් බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post