සියයට 24 ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග සියයට 18 දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්ෂ 50,000 සීමාවේ සිට සියයට 6, සියයට 12 සහ සියයට 18 වශයෙන් බදු ප්‍රතිශත 3 ක් හඳුන්වාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
එසේම, තොරතුරු තාක්ෂණ අංශය සියලූ බදු වලින් නිදහස් කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළ අතර නව බදු සංශෝධන අනුව බැංකු ගිණුම් පොලිය මත අය කළ රැඳවුම් බද්ද ද අහෝසි වනවා.