රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවී තිඛෙනවා.
එරට අමාත්‍ය වී කේ සිං මහතා විසින් ජනාධිපතිතුමාව උණුසුම් ලෙස පිලිගනු ලැබුවා.
අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු මෙම සංචාරයට එක් නොවීම විශේෂත්වයක්.
හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨපති භවන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සදහන්.
මේ අතර, වංචනික පුද්ගලයින් සහ ඇතැම් කණ්ඩායම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයන් බව හඟවමින් ජනතාව මුලා කර වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබාදීමට සහය පළ කළ හැකි බව පවසමින් මෙලෙස ජනතාව මුලාවට ලක් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.
එබැවින්, ජනතාව මුලාකර වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.