දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.