බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය සඳහන් කරනවා. ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වුණ අතර ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු වීමයි.