අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 24 වනදා සිට අදියර 02ක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පාසැල් 84ක ස්ථාපිත කර ඇති ඇගයීම් මධ්‍යස්ථාන 108කදී පළමු අදියරයේ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.
එම පාසල් 84න් 47ක් ජනවාරි 03 වනදා ආරම්භ කිරීමට නියමිත අතර අනෙක් පාසැල් නියමිත පරිදි නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි මස 02 වනදා ආරම්භ වීමට නියමිතයි.