News Line| Off Air
Generic placeholder image

Nov
30

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

501 Views


දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

උතුර, වයඹ, සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දකුණ, ඌව පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post