News Line| Off Air
Generic placeholder image

Nov
30

ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති මහින්ද හමුවෙයි

692 Views


ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති මහින්ද හමුවෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා නිළ වශයෙන් මුණගැසුණු පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව තිබෙනවා.

එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුවා.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ද ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසුණ බව සදහන්.

මීට අමතරව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post