News Line| Off Air
Generic placeholder image

Nov
30

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට

699 Views


ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව තිබෙනවා.

එම අනතුරින් ඔහුගේ සඟයා දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීමට උත්සහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇති බව සදහන්.

31 හැවිරිදි බ්‍රෑඩ් ගෝබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් පොට්‍රෙරෝ චිකෝහිදී මීටර් 300ක් (අඩි 1,000 ක්) පමණ උසක සිට බිම වැටී ඇති බව සඳහන්.

බ්‍රෑඩ් ගෝබ්‍රයිට් සගයා වන 26 හැවිරිදි අයිඩාන් ජේකොබ්සන් කෙටි දුරක් වැටී තුවාල සහිතව දිවි ගලවා ගෙන තිබෙනවා.

ඔහු වඩාත් ප්‍රචලිත වූයේ තනිව සංචාරය කිරීම හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව කඳු තරණය කිරීම හේතුවෙන්.

1988 වසරේ කැලිෆෝනියාවේ උපත ලබා ඇති බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කඳු නැගීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු හයක් තරම් කුඩා අවදියේදීයි.

2009 වසරේ අධ්‍යාපනයට සමුදී ඇති ඔහු විවිධ රැකියාවල නිරත වෙමින් උතුරු අමෙරිකාව වටා කඳු තරණය කිරීම සඳහා අවැසි අරමුදල් එක්රැස් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගෝබ්‍රයිට් සතු කුසලතාව හේතුවෙන් පසුකාලීනව ඔහුට අනුග්‍රාහක භවතුන්ගේ සහය හිමිවූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post