News Line| Off Air
Generic placeholder image

Nov
30

පාකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර් ගෙන් ත්‍රිත්ව ශතකයක්

763 Views


පාකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර් ගෙන් ත්‍රිත්ව ශතකයක්

පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සමත් වී තිබෙනවා.

ඇඩිලේඞ් හී පැවැත්වෙන තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ඔස්ට්‍රේලියාවේ රැස්කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 589 ක්.

ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 335 ක්ද මාර්නස් ලැබුෂෙයින් ලකුණු 162 ක්ද රැස් කරනු ලැබුවා.

ෂහීන් අෆ්රිඩි කඩුලු 3 ක් දවා ගත් අතර පකිස්ථාන පිලේ පිලිතුරු ඉනිම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයගත්තේ ඔස්ට්‍රේලියාවයි.


News Articles
Latest Videos
Most Popular Post