News Line| Off Air
Generic placeholder image

Dec
2

නගර අලංකරණයට තරුණ පිරිස පෙරමුණ ගනී

1399 Views


නගර අලංකරණයට තරුණ  පිරිස පෙරමුණ ගනී

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල නගර අලංකරණය සදහා විශේෂ වැඩ පිළිවෙලවල් බොහෝ තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර තිබෙනවා. ඒ අතර දැරණියගල ප‍්‍රදේශයෙන් ද මෙවැනි වැඩ පිළිවෙලක් පිලිබදව වාර්තා වුණා.

ඒ අනුව මෙම ප්‍රදේශයේ තරුණ පිරිස් එක්ව නගරයේ තාප්ප පුරා වීදි සිතුවම් වලින් අලංකාර කිරීම සදහා නගරයේ ඇති පැති බැමි පිරිසිදු කරමින් අලංකාර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉකුත්දා කොළඹ ප්‍රදේශයේ නගර පිරිසුදු කිරීම් වැඩ සටහන් ආරම්භ කල අතර සැම නගරයක්ම මෙලෙස පිරිසුදුව අලංකාරවත් කිරීමට සිතීම වෙසෙසින්ම අගය කල යුත්තක් බවයි මේ පිලිබදව අදහස් දක්වන පාර්ශ්වයන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post