News Line| Off Air
Generic placeholder image

Dec
2

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

538 Views


ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවති අතර, එහිදී කැනඩා මහකොමසාරිස්වරයා සිය රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර චීන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ ජියන්ගාවෝ ද ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post