News Line| Off Air
Generic placeholder image

Dec
3

පකිස්ථානයේ සංචාරයකට එරට අගමැති කල ආරාධනය අගමැති මහින්ද පිළිගනියි

545 Views


පකිස්ථානයේ සංචාරයකට එරට අගමැති කල ආරාධනය අගමැති මහින්ද පිළිගනියි

පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා.

මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ආරධනයක් සිදුකර ඇති අතර එම ආරාධනය අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳන් කළා.

මෙහිදි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව යළිත් වරක් පලපුරුදු නායකයින් අතට පත්වීම පිළිබදව සතුටට පත් වන බවයි. ඒ අනුව දැනට දෙපාර්ශවය අතර පවතින ද්වීපාර්ශවික සබදතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ හැකි වනු ඇති බව ද පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post