ආබාධිත තැනැත්තන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සුවිශේෂි දායකත්වය ඉතා ගෞරවාන්විතව හා හෘදයාංගමව සිහිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.
එතුමා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා සහයෝගය ලබා දීම සදහා කටයුතු කරන බවයි. එමෙන්ම රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන සෑම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුත්තක් තුළ ම එකී සහභාගීත්වය තහවුරු කළ යුතු බවත් ඔවුන්ගේ එකී සහභාගීත්වයට දැනට බාධාකාරී වී ඇති භෞතික මෙන්ම ප්‍රතිපත්තිමය බාධා ඉවත් කළ යුතු බව එතුමා අවධාරණය කර තිබෙනවා.