ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ මිලිමීටර 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම උතුරුමැද, සබරගමුව, දකුණ, බස්නාහිර පළාත්වලට මෙන්ම මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පැවසුවා.
මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවත් සුළෙඟ් වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවත් සඳහන්.
ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.