News Line| Off Air
Generic placeholder image

Dec
3

හිරුණිකාගේ නඩුව යළි කැදවීම ලබන වසරට

818 Views


හිරුණිකාගේ  නඩුව යළි කැදවීම ලබන වසරට

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි මැයි මස 4 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියම කලා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306(2) වගන්තිය යටතේ තම සේවාදායකාව මෙම නඩුව වරද පිළිගැනීමකින් හෝ දඬුවම් කිරීමකින් තොරව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව දන්වා සිටි අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට ඇය අපේක්ෂා කරන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ එම නඩුව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට හෝ නිවරදිකාරිය යැයි ප්‍රකාශ කිරීමට විත්තිකාරියට පූර්ණ අයිතියක් තියෙන බවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හැකියාව තිබෙන බවත් කෙසේ වෙතත් නඩු විභාගයට තමන් සූදානම් බවත් රජයේ නීතිඥවරයා අධිකරණ දන්වා සිටියා.

කෙසේ වෙතත් මෙම නඩුව යළි මැයි මස 4 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණට කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post